ආරාධනා - Aradana (W.D.Amaradewa)
Singer :- W.D.Amaradeva
Lyrics :- Kularathna Ariyawansha
Music :- Rohana Weerasinghe
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙඅන් යළි වඩින්න..
ආරාධනා...
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා..
ආරාධනා
එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා...
ගායනය : පණ්ඩිත් W D අමරදේව
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහන වීරසිංහ
